මැතිවරණ පැමිණිලි 4041ක්

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි

වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි. එම පැමිණිලි සංඛ්‍යාව 2947කි.

මෙයට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා  සම්බන්ධයෙන් පැමිණිලි විසිපහක් ලැබී ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පෞද්ගලික බස් රථ ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහන ජනාධිපති අපේක්ෂකයන් සහ පක්ෂ ප්‍රවර්ධනය  වන ආකාරයේ සළකුණ ඡායාරූප සහ ස්ටිකර් කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම   සම්බන්ධයෙන් පැමිණිලි  රැසක් ලැබී ඇතැයි පවසන කොමිසම මෙම ප්‍රචාරක ද්‍රව්‍ය ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයකම හදිසි සෝදිසි කිරීම් කරන ලෙසට පොලිසියට උපදෙස් දී ඇත.

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම 1981 අංක  15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වගන්තයේ යටතේ එන දඬුවම් ලැබිය හැකි වරදකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *