නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
නාමයෝජනා බාර දුන් ඉකුත් 3 වැනි දින සිට පසුගිය දින 21 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 16 ක් වාර්තා වී ඇති බවද මනතුංග මහතා කීය.