Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මැතිවරණ නීති කැඩූ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව පියවර ගන්න – මැතිවරණ කොමිසම

මැතිවරණ නීති කැඩූ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව පියවර ගන්න – මැතිවරණ කොමිසම

සමෘද්ධි අධිකාරිය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඊට වගකිව යුතු වත්මන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී.බණ්ඩාර මහතාට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ඊයේ (28 දා) ජනාධිපති ලේකම්වරයාට හා කැබිනට් මණ්ඩල ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අපේක්ෂකයකු ප‍්‍රවර්ධනය වන ආකාරයට සමෘද්ධි අධිකාරිය පත්වීම් ලබාදීම, දීමනා ලබාදීම, රාජ්‍ය ආධාර ලබාදීම ආදී කි‍්‍රයාමාර්ග ගත් බවට තොරතුරු කොමිසම වෙත ලැබී ඇති බව ද සඳහන් කර ඇත.

සමෘද්ධි අධිකාරිය තුළ මැතිවරණ නීති උල්ලංඝනය වන බවට මීට දින කිහිපයට පෙර මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබුණු අතර ඉන් පසුව මැතිවරණ නිලධාරීන් අවස්ථා කිහිපයකදී කළ වැටලීම්වලදී ලක්ෂ 8 කට පමණ අලූතින් සමෘද්ධි සහනාධාර ලබාදීමේ ලිපි බෙදා දීමට සූදානම් කර තිබීම, සමෘද්ධි නිලධාරීන්ට රුපියල් ලක්ෂ 10 ක ආපදා ණය ලබා දීමට සැලසුම් කර තිබීම, නව පත්වීම් ලිපි බෙදාදීමට සූදානම් කර තිබීම යන කරුණු මත ලිපි ලේඛන රැුසක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් සිදු කරනු ලැබීය.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් පත්වීම කැබිනට් මණ්ඩල පත් කිරීමක් බැවින් ජනාධිපති හෝ කැබිනට් මණ්ඩලය එම නිලධාරියා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතු බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක් ‘දිවයින’ට පවසා ඇත.

divaina

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *