මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්වූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර තිබේ.

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ඊයේ අවසන් කෙරුණා.

ඒ අනුව දින 10ක් පුරාවට පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ අගවිනිසුරුවරයා ඇතුළු පංචපුද්ගල විනිසුරුමඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *