වැටුප් දීමනා නොමැතිව කටයුතු කරන බව මැණික් හා ස්වර්ණාභරණ පරියේෂණ ආයතනයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් නව තනතුරේ වැඩ බාර ගනිමින් ප්‍රනාන්දු මහතා මේ බව කීය.
රොහාන් ප්‍රනාන්දු මහතා භූ විද්‍යාව පිළිබද දර්ශනපති උපාධිය (M.Phil.) පේරාණිදෙනිය විශ්වවිද්‍යාලෙනුත්, දර්ශණශූරී(Ph.D) උපාධිය ජර්මනියේ Mainz විශ්වවිද්‍යාලෙනුත් ලබා ගෙන ඇත.
ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරයකු ලෙස 2001 වර්ෂයේ සිට 2003 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද 2003 සිට 2011 දක්වා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේද සේවය කර ඇති අතර 2011 සිට 2019 දක්වා මහාචාර්‍යවරයෙකු වශයෙනුත් 2019 සිට මේ දක්වා ජේෂ්ඨ මහාචාර්‍යවරයෙකු වශයෙන්ද විවෘත විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කර ඇත.