මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට (19) පෙරවරු 9.30ට මහනුවරදී ආරම්භ කෙරේ. පේරාදෙණිය – ගලහ – දෙල්තොට – රිකිල්ලගස්කඩ මාර්ගයෙන් එම වැඩසටහන ආරම්භ වේ.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 2.30ට මිණිපේ මොරයායේදීද මෙහි ආරම්භක වැඩසටහනක් පැවැත්වීීමට නියමිතයි.
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය ජනතාවට ජාතික මහාමාර්ග පද්ධතියට ප්‍රවේශවීම සදහා වඩාත් කාර්යක්ෂම පහසුකම් සැලසීම පිණිස ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගවලට තදබදයෙන් තොරව ඇතුළුවිය හැකි ආකාරයට අතුරු මාර්ග කිලෝමීටර් 100,000ක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ.