මාරවිල, මුහුදුකටුව මුහුදේ අතුරුදන් වූ සිව්දෙනා සොයාගැනේ

මාරවිල, මුහුදුකටුව මුහුදේ අතුරුදන් වූ සිව්දෙනා සොයාගැනේ

මාරවිල, මුහුදුකටුව මුහුදු තීරයේ අතුරුදන් වූ බෝට්ටුවේ සිටි පුද්ගලයින් සිව්දෙනා සොයාගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, ඊයේ (18) මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය පිරිසකගේ බෝට්ටුවක් අද (19) අලුයම දිය සුළියකට හසුවී ගසාගෙන ගොස් අතුරුන්ව තිබූ බවයි.

කෙසේ වෙතත් බෝට්ටුවේ සිටි පුද්ගලයින් සිව්දෙනා සොයාගෙන ඇති අතර, ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

මාරවිල සහ තුඩුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් කිහිපදෙනෙකු සහ ජපන් ජාතික පුද්ගලයෙකු මෙලෙස සොයාගෙන තිබේ.

පුද්ගලයින් 06 දෙනෙකු අදාළ බෝට්ටුව තුළ ගමන් කර ඇති අතර මුහුදකටුවට ආසන්න ප්‍රදේශයේ දී බෝට්ටුව අතුරුදන්ව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *