මාදුරුඔය ගුවන් අනතුරින් මියගිය අයගේ මෘත දේහ ඥාතීන්ට

මාදුරුඔය ගුවන් අනතුරින් මියගිය යුද හමුදා නිලධාරී හතර දෙනාගේ සහ ගුවන් හමුදා නිලධාරී දෙනාගේ මෘත දේහයන් පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු ඊයේ (10) උදෑසන සිදුකෙරිණි.

ඒ පොළොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත් රුවන් කුමාර මහතාගේ සහ දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් යූ රාජපක්ෂ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් බව පොළොන්නරුව පොලිසියේ ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසිය.

මියගිය යුධ හමුදා නිලධාරීන්ගේ සහ ගුවන් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් සාක්ෂි සටහන් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෘත දේහයන් අදාල ඥාතීන් වෙත සවස් වරුවේදී භාරදීම සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *