මහ මැතිවරණයට වියදම මිලියන 7000යි

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා රුපියල් මිලියන 7000ක පමණ මුදලක් වැය වන ඇති බවට ඇස්තමේන්තුකර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. එසේම මැතිවරණ රාජකාරි කටයුතු සඳහා රජයේ නිලධාරීන් ලක්ෂ තුනක පමණ පිරිසක් යෙදවීමට සිදුවනු ඇති බවත් මැතිවරණයේ ආරක්ෂාවට යෙදවෙන පොලිස් ආරක්ෂකයන් මෙම සංඛ්‍යාවට ඇතුළත් නොවන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. එමෙන්ම මහ මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන 12000 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කෙරනු ඇති බවටත් ඔහු පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *