මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්  ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මෙවර අයවැයෙන් මහ මැතිවරණයක් සඳහා  මුදල් වෙන් කර නොමැති හෙයින් මහා භාණ්ඩාගාරයෙන් එම මුදල ලබාදීමට  ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්  බලය පැවරී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සතු වන බවත්  ඒ මුදල් ලබාදීමට  ඔහු  නීතියෙන් බැඳී සිටින බවත්  කොමසාරිස් ජනරාල්වරයා කීවේය. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් හදිසියේ විසුරුවා හැරුණු අතර  පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් මස 14 පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *