මහ බැංකුව මේ වසර අවසන් වන විට ඩිජිටල් මුදල් හඳුන්වා දෙයි

මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වා දීමට මහ බැංකුව කටයුතු කරන බව එහි නිලධාරීන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉහළ කාරක සභාවකට ප්‍රකාශ කර තිබේ.

“Lanka Pay’ සහ ‘Central Bank Digital Currencies’ හඳුන්වාදීමේ අභ්‍යාසය දැනටමත් ආරම්භ කර ඇත. මෙම ක්‍රම දෙක මේ වසර අවසන් වන විට දියත් කරනවා” මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවේ මාර්ග හා විධි කාරක සභාවට දැනුම් දුන්නා. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගෙවීම් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට මහ බැංකු නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබිණි.

ඒ අනුව මාර්ග හා ක්‍රම කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගෙවීම් ක්‍රම නියාමනය කිරීම පිළිබඳව විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ මුල්‍ය ලේඛනාගාරයක් නොමැතිකම හේතුවෙන් මූල්‍ය ගනුදෙනුවලින් සියයට 45 ක් නියාමනයකින් තොරව සිදුවන බව අනාවරණය විය.

ඉන්ධන අලෙවියේදී භාවිතා කරන QR කේත පද්ධතිය මූල්‍ය සේවා සඳහාද ව්‍යාප්ත කළ යුතු බවට රණවක මන්ත්‍රීවරයා යෝජනා කළේය. එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව අන්තර්ජාලය හරහා ගෙවීම් ක්‍රම අනුගමනය කළ යුතු බවට ඔහු යෝජනා කළේය. ඒ සඳහා බ්ලොක්චේන් පද්ධති භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

ඉන්දියාව, බංගලිදේශය වැනි රටවල ක්‍රියාත්මක වන අන්තර්ජාල ගෙවීම් ක්‍රම පිළිබඳව අධ්‍යයනයක් කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මාර්ග හා ක්‍රම කමිටුව මහ බැංකු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම කමිටු රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, චරිත හේරත් සහ ඉෂාක් රහුමාන් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *