මහ නාහිමිවරු සිය අප්‍රසාදය පළකරමින් ජනාධිපතිවරයාට ලිපියක් යවති.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් කරුණු 10කින් යුත් ලිපියක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ පාර්ශ්ව සතරෙහි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා ක්‍රියාත්මක කරන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

මේ අවස්ථාවේදී පක්‍ෂ දේශපාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දොස් පවරමින් ඔවුන් ඉල්ලා සිටියේ ඒ වෙනුවට ආර්ථික අර්බුදයට නිසි විසඳුම් සෙවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

නිසි ආර්ථික සැලැස්මකින් තොරව පරිපාලනය කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව ඇති බවද මහනාහිමිවරු අවධාරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *