මහෙස්ත්‍රාත් අත්සන හොරට ගැසු සැරයන් රිමාන්ඩ්

මහේස්ත්‍රාත් වරයෙකු විසින් අත්සන් කල යුතු අධිකරණයෙන්  නිකුත් කරන ලද වරෙන්තු වාර්තාවේ මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජව යොදන ලදැයි යන සිද්ධියට අදාළ නඩුවක සැකකරුවෙකු වූ රංගල පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු  තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී  ජයවර්ධන මහත්මිය හමුවට  ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ නොවැම්බර් මස 04 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  මහේස්ත්‍රාත් තුමිය නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩුවට සම්බන්ධ  පොලිස් සැරයන් වරයා සම්බන්ධයෙන් තෙල්දෙණිය කොට්ඨාශ භාර ජේය්‍යෂ්ඨ  පොලිස් අධිකාරී  රොෂාන් අමරසිංහ මහතාගේ අධීක්ෂණ මත විශේෂ පරීක්ෂණයක්ද  පැවැත්වෙයි.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන් වරයාගේ වැඩ තහනම් කිරීමට  පියවර ගන්නා බව මේ පිළිබඳව විමසූ අවස්ථාවේ  තෙල්දෙණිය කොට්ඨාශ භාර  ජෙය්‍යෂ්ඨ පොලිස් අධිකාරී  වරයා පැවසීය.⁣

Leave a Reply

Your email address will not be published. Required fields are marked *