මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය පැය 14ක මෙහෙයුමකින් අනතුරුව සොයා ගැනුණා

මහනුවර, තැන්නකුඹුර ගුරුදෙණිය ප්‍රධාන මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය ඊයේ පස්වරුවේ පැය 14ක මෙහෙයුමකින් අනතුරුව අතුරුදන් වූ මගියාගේ සිරුරද සමඟ ගොඩ ගත් බව පොලිසිය පවසයි.

ගඟට වැටුණු මෝටර් රථය සොයා නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර රියදුරු ඇතුළු තවත් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෝටර් රථය සමඟ තුන්වන පුද්ගලයාගේ සිරුර අද සොයා ගැනුණා.

මියගොස් ඇත්තේ අංක 39, මාලිගාතැන්න, ගුරුදෙණිය ලිපිනයේ පදිංචිව සිටි අයෙකි.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගංඟාවේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, මෝටර් රථය සොයා ගැනීම දුෂ්කර වී ඇති බව පොලිසිය පවසයි.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *