මහල් නිවාසයේ 12 වැනි මහලින් වැටී දැරියක් මරුට

බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බොරැල්ල සර්පනටයින් පාර පදිංචිකාරියකි.

බිමට වැටී  දැරිය බරපතල තත්ත්වයෙන් සිටි කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසි ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි

මියගිය දැරිය කලක සිට මානසික ආතතියකින් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව ප්‍රකාශ ලබා දී ඇති බවත් පොලිසියේ කියයි

දැරිය එම මහලේ බැල්කියෙන් බිමට පැන ඇද්ද ? එසේ නැතහොත් වැටී ඇද්ද ? යන්න පිළිබඳ අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව බොරැල්ල පොලිසිය සඳහන්කරයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *