මරණයට පත්වූ 03 වැනි කොරෝනා ආසාධිතයාගේ බෑණාට හා මුණුපුරාටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (01) දිනයේ මියගිය මරදානේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මේ අතර මියගිය 3 වැනි ආසාදිතයා ඇසුරු කළ 300 ක පිරිසක් නිරෝධාන කටයුතු සදහා පූනානි මධ්‍යස්ථානය වෙත යැවීමට පියවර ගෙන තිබේ. එමෙන්ම මියගිය පුද්ගලයා පදිංචිව සිටි මරදාන ඉමාමුල් ආරූස් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ 200 කට ආසන්න පිරිසක් එම නිවාස සංකීර්ණය තුළම නිරෝධායනයට යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *