‘‘මම වාහනේ ගත්තේ ප්‍රබල ඇමැති කෙනෙක්ගෙන්’’

මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්.දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“රසායනික පොහොර තහනම් කිරීම නිසා වතු ක්ෂේත්‍රය කඩා වැටුණා.සියයට දහයට තිබූ ආදායම් බද්ද වැවිලිකරුවන්ට සියයට 30 දක්වා වැඩි කළා.එය කළේ රනිල්ගේ ආණ්ඩුවෙන්.මේ නිසා වතු ක්‍ෂේත්‍රය පාඩු ලබන තැනට ආවා. මෙහෙම ගියොත් වැවිලි ක්ෂේත්‍රය කඩා වැටේවි.දැන් බදු නොමැතිව පොහොර ටිකවත් ලබා ලබාදෙන්න.මේ වන විට තේ කර්මාන්ත ශාලා 237 ක් වැහිලා ගිහින්.

මම ළඟදි පාවිච්චි කරපු වාහනයක් ගත්තා.සිකුරා දහවස පොලිසියෙන් ඇවිත් මගේ පුතා අත්අඩංගුවට ගත්තා. ඒක හරි අසාධාරණ අත්අඩංගුවට ගැනීමක්. මම ඉන්නේ ලොකු පීඩනයකින්.මම ඒ වාහනෙන් පාර්ලිමේන්තුවට දහ වතාවකට වඩා ඇවිත් තිබෙනවා. මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්.දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *