මනූෂගේ පුරප්පාඩුවට බණ්ඩාරිගොඩ

මනූෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික්  මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ  නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා  කිරීමට පියවර ගෙන ඇතැයි සමග ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුවක් අනුව මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.

බණ්ඩාරිගොඩ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ගාලු දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟ වැඩිම මනාප ලබාගෙන තිබුණේ ඔහු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *