කොලොන්නාව ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාව සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි 25 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි.
පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 500ක් ද සොයාගැනීමට සමත්ව ඇත.
වැඩිදුර විමර්ශනවලදී අදාළ වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදිය, මන්නා පිහි 02ක්, සෙල්ලම් පිස්තෝලයක්, ජංගම දුරකථන 07ක් සහ හෙල්මට් 02ක් සහ ඔවුන් පැළඳ සිටි ජැකට් ද සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.