මන්නාරම සුළං බලාගාරයට නඩුවක් හරස් වෙලා

මන්නාරම සුළං බලාගාරයේ  ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම  ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙන් ලැබුණු ලිපිය පිළිබඳව අධ්‍යයනය කරගෙන යන බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමඟ ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී   අජිත් පී පෙරේරා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම ගිවිසුම තවමත් අවලංගු කර නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *