මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු…

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ (එජා) කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට අදාළව ගොනු කර ඇති නඩුවට අදාළව මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටීමට අපොහොසත් වී ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරයා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ල අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත.

2016 වසරේ එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංකීර්ණය අවට මාර්ග අවහිර කරමින් මහජනතාව අපහසුතාවට පත් කිරීමේ චෝදනාව යටතේ නඩුවක් පවරා තිබුණා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, පියසිරි දිසානායක, මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර සහ රොජර් සෙනෙවිරත්න ඇතුළු හත් දෙනෙකු නම් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *