මන්ත්‍රීවරු 35ක් මාදිවෙල සංකීර්ණයෙන් නිවාස පහසුකම් ඉල්ලති

නවක මන්ත්‍රීවරුන් 35 දෙනෙකු මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාස පහසුකම් ඉල්ලා ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට මෙම මන්ත්‍රීවරුන් සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. කොළඹ සිට කිලෝමීටර් 40ක අරයෙන් පිටත ජීවත්වන අය සඳහා මෙම සංකීර්ණයේ නිවාස පහසුකම් සපයා ඇත.

මෙම සංකීර්ණය තුළ මන්ත්‍රීවරුන් 110 දෙනෙකු සඳහා නිවාස ලබාදීමට පහසුකම් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *