දීපවාලී උත්සවය අදට (31) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් මධ්‍යම පළාතේ හින්දු ආගමික සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා නොවැම්බර් මස පළමුවැනිදා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී.එස්. අභයකෝන් මහතා පියවර ගෙන තිබේ.
එම නිවාඩු දිනයට හිලව් දිනයක් ලෙස නොවැම්බර් මස 09 වැනි දින පාසල් පැවැත්වීමටත් ආණ්ඩුකාරවරයා අවසර දී තිබේ.