මධ්‍යම අධිවේගයේ ඉතිරි වැඩට කොන්ත්‍රාත්තුව දෙයි

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 කොටසේ 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 වන කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු පැකේජ 19කට බෙදා ඇති අතර, ඉන් 1A සිට 1Q දක්වා වන පැකේජ 17ක් දැනටත් ප්‍රදානය කරනු ලැබ ඇතැයි රජය පවසයි.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන  ‌කමිටුවේ නිර්දේශ මත 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ සඳහා සුදුසුකම් ලත් දේශීය ඉදිකිරීම් ආයතන  ‌වෙතින් තරඟකාරී පදනම මත ලංසු කැඳවා තිබේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්වූ අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහා මාර්‌ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *