මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයන් තිදෙනෙක් ලක්ෂ 90 කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බොරලැස්ගමුව, දෙහිවල සහ කොහුවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්ප්‍රින්වැලි, දෙහිවල සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40, 41 සහ 54 වියේ වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 708 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 92 ක් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ දැනට විදේශගතව සැගවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවකුට අයත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවය.