මත්පැන් බලපත්‍ර ගාස්තු මත්පැන් මිලට බලපාන්නේ නැ

මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩි කිරීම මත්පැන් සිල්ලර විකුණුම් මිලට බලපාන්නේ නැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩිවීමත් සමඟ මත්පැන් මිල වැඩි කිරීමේ හැකියාවක් නොමැති බවයි.

අනෙකුත් වාණිජ භාණ්ඩ හා සසඳන විට දේශීය වෙළඳපොලේ මත්පැන් අලෙවියේ අඩුවීමක් දක්නට ලැබේ.

“කෙසේ වෙතත් රට තුළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ නිසා නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය දිගටම කරගෙන යාමටත්, නීතිය රකිමින් එය නියාමනය කිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා,” කොමසාරිස්වරයා පැවසීය.

නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය දිරිමත් කරන අතරම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය අධෛර්යමත් කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *