මත්ද්‍රව්‍ය සහ වෙඩි තැබීමේ සිද්ධීන්වලට සම්බන්ධ ‘ඉමා’ අත්අඩංගුවට

වත්තල ප්‍රදේශයේ පදිංචි “ඉමා” නමැති 27 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දිනවල මීගමුව සහ සඳුනුමල ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලට ඇයගේ සම්බන්ධයද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

2023 ජූලි 14 වැනිදා දුනුමල ප්‍රදේශයේ සහ 2023 අගෝස්තු 12 වැනිදා මීගමුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම්වලට වගකිව යුතු පුද්ගලයන් වෙත ගිනි අවි ප්‍රවාහනය කිරීමට ‘ඉමා’ පහසුකම් සපයා ඇතැයි විශ්වාස කෙරේ.

ඇය සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සහ දැනට ඩුබායි හි ක්‍රියාත්මක වන ‘කලණ’ ගේ මගපෙන්වීම යටතේ ක්‍රියා කළ බව වාර්තා වේ. කලණ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගනේමුල්ලේ සංජීවගේ ගෝලයකු ලෙසය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය රාගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ‘ඉමා’ අත්අඩංගුවට ගෙන ඇත. මෙහෙයුමේදී ඇය සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 05ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත. අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඇය රාගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *