මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ‘සෝල් බීච්’ හෝටලය කඩා බිඳ දමයි

දැනට විදේශයක සිට ක්‍රියාත්මක වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ට අයත් බවට සැක කෙරෙන දෙහිවල පිහිටි සෝල් බීච් හෝටලය කඩා බිඳ දමා තිබේ.

මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බව සොයාගැනීමෙන් පසු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් සඳුදා එම හෝටලයේ ඉදිකිරීම් ඉවත් කර ඇත.

මේ අතර, මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ හෝටලයේ අධ්‍යක්ෂවරයා යැයි කියන පුද්ගලයෙකු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *