සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජුගේ සගයන් දෙදෙනෙකු හෙරොයින් සහ ගංජා සමඟ රත්මලානේදී විශේෂ කාර්ය බලකායේ (STF) පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කේරළ ගංජා ග්‍රෑම් 47ක් සහ හෙරොයින් ග්‍රෑම් 6ක් ඔවුන් සන්තකයේ තිබී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් පසුගිය 1 වැනිදා සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.