මණ්ඩලය වී කිලෝ ලක්ෂ 40ක් මිල දී ගනී

වී අලෙවි මණ්ඩලය මේ වනවිට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගෙන ඇතැයි  මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

සිංහල අලුත් අවුරුදු උත්සවය අවසන් වන තෙක් අද  (05) සිට වී මිල දී ගැනිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළ සභාපතිවරයා අලුත් අවුරුදු නිවාඩුව අවසන් වූ වහාම වී මිල දී ගැනීම් යළි අරඹන බව ද සඳහන් කළේය.

මෙම දින කිහිපයේ වී මිල දී ගැනිම් අත්හිටුවන්නේ ගොවින් වී අලෙවි කළ පසු ඊට අදාල මුදල්  බැංකුව මගින් ගැනීමට යාමේ දී ඇති විය හැකි ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් බවද සභාපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *