මඩොල්සිම බස් අනතුරින් 8ක් ජීවිතක්ෂයට, දෙදෙනෙකුට බරපතලයි

පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරැළී ඊයේ (6) සිදු වූ අනතුරින් එහි ගමන් ගත් මගීන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව මඩොල්සිම පොලිසිය පවසයි. ඒ අතර ළමුන් දෙදෙනෙකුද වේ. එමෙන්ම බස් රථයේ ගමන්ගත් තවත් මගීන් 40කට වැඩි පිරිසකට තුවාල සිදුවී තිබේ. ඒ අතර බස්රථයේ රියදුරු හා කොන්දොස්තර වරයාද වේ.

බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරැළී මෙම අනතුර සිදුව තිබේ. පස්වරු 4.30ට පමණ ගමන් ආරම්භ කළ මෙම බස්රථය අනතුරට ලක්වූයේ පස්වරු 5.15 පමණ විටයි. අනතුර සිදුවූ අවස්ථාවේ බස්රථයේ මගීන් 50කට වැඩි පිරිසක් ගමන් කරමින් තිබෙනවා. තුවාල ලැබූ පිරිස් බදුල්ල මහා රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්වයේ සිටි දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයටත් තවත් හතර දෙනෙක් ශල්‍යකර්ම සදහාත් යොමු කළ බවත් වාර්තා වේ.

සිද්ධිය පිළිඹද වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි…

17 Comments

Leave a Reply

Your email address will not be published.