’මඩට යන්න එපා’’ – නාමල්

මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ  මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් මැතිවරණ අපේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර ඇත.

විශේෂයෙන්ම පෞද්ගලික කරුණු හෝ මඩ ගැසීමෙන් කිසිදු වාසියක් ඇති නොවන බවත් බුද්ධිමත් ජනතාව හැම විටම බලන්නේ ප්‍රතිපත්ති ගැන පමණක් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.හැකි තරම් පක්ෂයේ ප්‍රතිපත්ති  ගමින් ගමට  රැගෙන යන ලෙසත් නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ   පළාත් පාලන ඡන්ද අපේක්ෂකයින් නෙළුම් මාවතේදී හමුවූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *