මට වෛද්‍ය සහතිකේ තියෙනවා

තමා 2013 වසරේදී වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වී සහතික ලබා ගත් බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තම පියාගේ අභාවයෙන් පසුව වෛද්‍ය වෘත්තීයෙන් සමුගන්නවාද?නැතිනම් දේශපාලනයට එනවාද? කියා තීරණයක් ගන්න වූ බවද  ඒ අනුව පූර්ණ කාලීනව  දේශපාලනයට පැමිණි බවද මන්ත්‍රීවරයා කීය.

මේ අයුරින් අසත්‍ය අවලාද නැගීම අන්තිම අසාධාරණ බවද මන්ත්‍රීවරයා කීය.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජානක සේනාරත්න මහතා(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *