තමාට සහ තම පවුලට ජීවිත තර්ජන පවතින බව පවසමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තම ආරක්ෂාව පිළිබඳව සොයා බලන ලෙසයි.
පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ සුදත් චන්ද්‍රසේකර පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ සිදුකළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව සොයා බලා තම ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.