මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට පුහුණුවක් සමගින් නව බලපත්‍රයක්

දිනෙන් දින ඉහළ යන බස් රථ අනතුරු සැලකිල්ලට ගෙන මගී ප‍්‍රවාහන සේවයේ යෙදෙන බස් රථ සඳහා නව රියැදුරු බලපත‍්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසයි.

මේ වනවිට බර වාහන රියැදුරු බලපත‍්‍රයක් ලබාගත් විගසම මගී ප්‍රවාහන බස්රථ ධාවනය කිරීමේ හැකියාව හිමිවුවත් ඉදිරියේදී බර වාහන රියැදුරු බලප්‍රත්‍රයක් ලබා ගෙන ඉන් අනතුරුව හඳුන්වාදෙන මගී ප‍්‍රවාහන රියැදුරු බලපත‍්‍රය ලබාගතයුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ආරක්‍ෂක අංශ එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කරන බවත් ඒ අනුව සියලූම මගී ප‍්‍රවාහන බස් රථ රියැදුරන්ට සති දෙකක පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම නව රියැදුරු බලපත‍්‍රය ලබාදෙන බවයි දිලූම් අමුණුගම මහතා පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *