ආණ්ඩුව විසින් ඉල්ලා ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරී මාරු කිරීම්වලට අදි මදි කරන පොලිස් කොමිසම ගැන තමාද සිටින්නේ “අදි මදියක”බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හොරණ දී පැවසීය.
එම කිසිදු මාරුවීමක් ඉල්ලා ඇත්තේ තම පෞද්ගලික ආරක්ෂාවට හෝ පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා නොවේ යැයි කී ජනාධිපතිවරයා ජන වරම ඉටුකිරීමේ අරමුණින් ඉල්ලා ඇති එම මාරු වීම් කොමිසම සාධාරණව ඉටු කර දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙන බවද සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ගැන දන්න පරීක්ෂණ මෙහෙය වූ දක්ෂ නිලධාරීන් 650ක් මාරු කළ බව කී ජනාධිපතිවරයා එම නිලධාරීන් නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ඒමට තමාට වුවමනා වූ බව සඳහන් කළේය