භාෂා පරිවර්තක හිඟයෙන් මැතිසබේ වැඩ කොටඋඩ

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ  භාෂා පරිවර්තකයන්  දොළොස් දෙනකු පමණ හිඟවීමෙන් එහි කටයුතුවලට බරපතළ ලෙස බාධා මතුව ඇතැයි වාර්තාවේ.

මින් පුරප්පාඩු අටක්ම පවතින්නේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පරිවර්තකයන්ගේ බව  පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

භාෂා පරිවර්තක  කාර්යාලයේ නියමිත කාර්යමණ්ඩලය හතළිහකි.

මෙම භාෂා පරිවර්තක පුරප්පාඩු සම්බන්ධයෙන් අවස්ථා තුනකදීම සම්මුඛ පරීක්ෂණ කැඳවනු ලැබුවද සුදුසු  අය ඒවාට   පැමිණ නැතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ  අඩු වැටුප් මීට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් පැවසූහ.

භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් මැතිසබේ කටයුතු මෙන්ම කාරක සභාවල කටයුතුවලටද බරපතළ  බාධා මතුව ඇතැයි  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *