රජයේ බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් භාණ්ඩ 15,000 කට අධික සංඛ්‍යාවක මිලඅඩු කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
භාණ්ඩමිල අඩු කිරීම් සම්බන්ධයෙන් භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන සියයකට ආසන්න සංඛ්‍යාවක් මගින් ලිඛිතව ඒ සම්බන්ධයෙන් එම අධිකාරිය වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒඅනුව අදාල භාණ්ඩ වර්ගවල නම් සහ ඒවායේ මිල ගණන් සම්බන්ධයෙන් වන විශ්ලේෂණ කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මේ වන විටත් සිදුකරනු ලබන අතර එම මිල අඩු කිරීම් සිදුකළ භාණ්ඩ වර්ගවල නම් සහ ඒවායේ මිල ගණන් ඉදිරියේදී පුවත්පත් දැන්වීම් මඟින් මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා ලෙස ද අදාල නිෂ්පාදන ආයතන වෙත දැනුම්දී තිබේ.
ගොඩනැගිලිද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ළදරු නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු කිරීම් රජයේ බදු සහන ප්‍රතිලාභය යටතේ සිදු කිරීමට නියමිතයි.
මීටපෙර කිරිපිටි සහ සිමෙන්ති මිල අඩු කිරීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබුණි.