පසුගිය රජය සමයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීම මත පාසල්වල 07 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා ලබා දී ඇති ‘හතේ අපේ පෙත’ නමැති කෘතිය අතිශය අසභ්‍ය, කුඩා දරුවන්ට කිසිසේත් නොගැලපෙන කරුණු අඩංගු පොතක් බැවින් එම පොත වහාම තහනම් කළයුතු බව මැදගොඩ අභයතිස්ස හිමි මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කිරීමත් සමග අදාල කෘතිය පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.
මෙම තත්වය තුල පසුගිය දිනක ‘හතේ අපේ පොත’ පාසල් දරුවන්ගෙන් ඉවත් කළ යුතුද? නැද්ද? යන්න මුල්කර ගනිමින් සිදුවෙමින් පැවති සංවාදයක වීඩියොවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසර්නය වෙමින් පවතිනවා. එම කතිකාවත අතර තුර භික්ෂුන් වහන්සේලා හා අනෙකුත් පිරිස අතර උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.
එම වීඩියොවට මෙතනින් පිවිසෙන්න