බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි හිටපු යුද හමුදා සෙබළෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීම සදහා ව්‍යාජ ලේඛන සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්ස, බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබී යුද හමුදා නිල ඇදුම් කොටස්, ව්‍යාජ පොලිස් නිල හැදුනුම්පතක්, ව්‍යාජ ජාතික හැදුම්පතක්, ව්‍යාජ විදෙස් ගමන් බලපතක් සහ නව විදෙස් ගමන් බලපතක් සකස් කරගැනීම සදහා අයැදුම්කර තිබූ ව්‍යාජ ලේඛන සහ ව්‍යාජ උප්පැන්න සහතිකයක් ද පොලිසිය සිය භාරයට ගෙන ඇත.