බූරුමූණා ගේ ලොක්කා කොටුවෙයි

ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන සිටින අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වී තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා “බූරුමූණා” නම් අපරාධකරු, හංවැල්ල හරස් පාර ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ අතර එම අපරාධය මෙහෙයවීමේ චෝදනාව මත ලලිත් කන්නන්ගරට රතු නිවේදන ලබාගෙන තිබුණි.

ලලිත් කන්නන්ගර නමැත්තා ප්‍රදේශයේ ‍වෙළෙන්ඳන්ගෙන් විශාල වශයෙන් කප්පම් ලබාගන්නෙකු සහා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන බව පොලීසිය පවසයි.

ඒ අනුව ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *