බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ජනතාවගේ පහසුව පිණිස අද දින (12) රාත්‍රී 7 වන තුරු විවෘතව තබන බව දන්වා සිටී. කාර්යබහුලත්වය නිසා හා රාජකාරී කටයුතු නිසා කාර්යාලීය වෙලාව තුළදී සේවා ලබා ගැනීමට නොහැකි ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවා සැපයීම මෙහි අරමුණයි. මෙමගින් උපත් විවාහ මරණ සහතික පිටපත්, ආදායම් සහතික, වාහන ආදායම් බලපත්‍ර, තරග විභාග ගාස්තු ගෙවීම, රථ වාහන දඩ, ඩෙංගු දඩ, ව්‍යාපාර නාම ලියාපදිංචිය වැනි සේවා ලබාගත හැකි වනවා.
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යනු ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා සමාජ මාධ්‍ය භාවිතා කරන ආයතනයක් ලෙසට සැලකිය හැකිය. වයිබර් තාක්ෂණය හරහා උපත් විවාහ මරණ තොරතුරු පිළිඹද තොරතුරු ලබාගැනීමේ පහසුකමද, “ෆේස්බුක් පිටුව තුළින් ප්‍රාදේශීය ලේකම් ඔබ හමුවට” වැනි වැඩසටහන සහ ප්‍රාදේශිය ලේකම් හමුවීමට මුහුණුපොත හරහා දිනයක් වේලාවක් වෙන්කරගැනීම වැනි පහසුකම්ද ඊට නිදසුන්ය.