බුද්ධ ශාසන ඇමති පොලිසි යයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරික මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා යනුවෙන් සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් අදාල පැමිණිල්ල කළ බව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා කීය.

මේ කියන විදියේ ව්‍යාපාරික මිතුරෙක් තමාට නැතැයි කී අමාත්‍යවරයා මෙවන් බොරු පුවත් පළ කිරීම නිසා පෞද්ගලිකව තමාටත් රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලටත් අප කීර්තියක් සිදුවී තිබෙන බව සඳහන් කළේය.

බොරු තොරතුරු පළ කළ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *