බීමත් රියැදුරෙක් වෙනුවෙන් නිළධාරියට පන්දහක ත්‍යාගයක්

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5,000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා අද 12 පැවසීය.

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වාහන රාශියක් පරීක්ෂා කිරීමට සිදුවන බවත් ඒ සඳහා රාජකාරියේ නියැලෙන නිලධාරියා උනන්දු කරවීම සඳහා එම ත්‍යාගය ලබාදෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අවුරුදු සමයේ බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පැය විසි හතර පුරා යොදවා ඇති බවත් විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

අධික වේගයෙන් රිය පැදවීම, මං තීරු නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම හා මාර්ග තදබද ඇති අවස්ථාවල අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *