බියර් ලොරිය මහ පාරේ පෙරලේ

කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ වංගුවක දී බියර් ප්‍රවාහනය කළ ලොරි රථයකින් පිටතට විසි වූ බියර් බෝතල් සහිත ඇසුරුම් තොගයක් මාර්ගයට වැටීමෙන් බියර් බෝතල් සහ බෝතල් කැබලි මාර්ගය පුරා විසිරී ගියේය.

එම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වූ බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.

බොහෝ බියර් බෝතල් විනාශ වූ අතර ඉතිරි වූ බියර් බෝතල් ඇතැම් පිරිස් රැගෙන යන අයුරු දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *