නව ගමනක් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගිවික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකතු වන ලෙසට එම පක්ෂවල ක්‍රියාකාරීන් දේශපාලන හිතවතුන් ඇතුළු විවිධ පාර්ශ්ව එම නායකයන්ගෙන් දැඩිව ඉල්ලීම් කර ඇත.
පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී එහි මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගෙන් 14 දෙනකුම මෙම මතයේ සිට කරුණු දක්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර සමග ජන බලවේගයේ නායකයන් පිරිසක් මල්වතු නා හිමියන් පසුගිය දා රැස්වූ අවස්ථාවේදී මෙම පක්ෂ දෙක එකඟතාවයකට පැමිණිය යුතු බවට සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත.
මේ ආකාරයට බෙදී වෙන් වී කටයුතු කළහොත් කිසිම පාර්ශවයකට ජයග්‍රහණය කරා යා නොහැකි බවට මන්ත්‍රීවරුන් රැසක් එම කළමනාකරණ කමිටු රැස්වීමේදී පෙන්වාදී ඇත.
පසුගිය මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ සමයේදීද මෙම පක්ෂ දෙක එකතුවිය යුතු බවට මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු රැසක් පෙන්වා දුන්හ.
තලතා අතු කෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ප්‍රකාශයක්කර සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් වූයේද මෙම අවශ්‍යතාව ගැන දැඩිව සඳහන් කරමිනි.
” අපි දෙගොල්ලා මේ වෙලාවේ එකතු නොවුණොත් සිද්ධවන්නේ ලොකුම ලොකු විනාශයක් ” අතු කෝරළ මහත්මිය එහිදී කියා සිටියේය.