බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී  ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ රඳවා සිටි  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ යැයි කියන මිද්දෙණියේ පදිංචි සාජිකා  සැකකාරිය  ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.

මන්දිනු පස්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනකු පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙම බැකෝ සමන් හෙවත් මිදෙණියේ  එන් එන් ප්‍රසංගගේ බිරිඳ  සහ කුඩා දරුවාද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අත්අඩංගුවට ගත් පසුව රැඳවුම් භාරයේ සිටි සැකකාරිය ඇයගේ කුඩා දියණිය සමඟ අධිකරණය ඉදිරිපත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *