මත්පැන් බලපත් ලබා ගත් අයගේ නාම ලේඛනය මෙන්ම ඒවා ලබාදෙන්නට නිර්දේශ කළ දේශපාලනඥයන්ගේ නම් ද ඉදිරිපත් කරන්නැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේ නොකළොත් සියලු දෙනාම පව්කාරයන් බවට පත්වන්නේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූයේ මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරමින් සිටින අතර එම තොරතුරු ලැබුණු වහාම සියලු කරුණු ඉදිරිපත් කරන බවයි.