බස් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න

බස් මගීන්ගේ  ආරක්ෂාව තහවුරු කිරීම ඇතුලු ඔවුන් මුහුන දෙන ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමස්ත ලංකා බස් මගී සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

බස් මගීන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සඳහා හදිසි රැස්වීමක් ලබා දෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා බස් මගී සංගමය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවත් එහි කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා සඳහන් කරයි.

පොදු ප්‍රවාහන භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව කෙරෙහි බලපාන ප්‍රධාන ගැටළු කිහිපයක් ඉස්මතු කිරීමට එහිදී අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

පොදු බස් රථවල මගී හිරිහැර සහ ආරක්ෂක ගැටළු, අධික තදබදය සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, බස් මෙහෙයුම්, ගාස්තු සහ කාලසටහන් පිළිබඳ රෙගුලාසි ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ පැමිණිලි හැසිරවීම සහ මගී දුක්ගැනවිලි විසඳීම සම්බනධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුකරන බවත් ඔහු සඳහන් කළේය.

මගී ආරක්ෂාව සහ සුවපහසුව සහතික කිරීම සඳහා විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *