බස් ටිකට්ටුව අනිවාර්ය කරයි

බස් රථ මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කොළඹදී පැවසීය.

බස් රථ හිමියන් සහ මගී ජනතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මගී ජනතාවට මෙන්ම බස්රථ සේවකයන් ගේ සුබ සුද්ධිය සඳහා විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංගම සහ පෞදගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු කීවේය.

රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් සමාජ ආරක්ෂණ ක්‍රමයකට යටත් කරමින් සුබසාදන වැඩපිලිවලක් ගොඩනගන බවද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *